වර්ජනයෙන් තැපෑල අඩාලයි....

වර්ජනයෙන් තැපෑල අඩාලයි....

by Sagarika Chathumali 12-06-2018 | 12:47 PM
COLOMBO (News 1st)  : සිය වැඩ වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ 2කට අධික ලිපි තොගයක් ගොඩ ගැසී ඇතැයි, තැපැල් සේවකයෝ පවසති. තැපැල් වෘත්තිය සමිති එකමුතුව ඊයේ පස්වරුවේ, 4 සිට වැඩ වර්ජනයක නිරත වන්නේ කරුණු දෙකක් මුල් කර ගනිමිනි. දිවයින පුරා සියලු තැපැල් සේවකයින් ඊට එක්වන බව එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසී ය. මේ සම්බන්ධයෙන් කල විමසුමකදී තැපැල්පති රෝහණ අබේරත්න මහතා පැවසුවේ, සේවක ගැටලු සඳහා විසඳුම් සහිත කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති බවයි. වර්ජනය ක්‍රියාත්මක කාල සීමාවේ ඇති විය හැකි බාධාවන් අවම කිරීම සඳහා නියෝජ්‍ය තැපැල්පතිවරුන් ඇතුළු සියලු නිලධාරීන් වෙත උපදෙස් පත්‍රිකා නිකුත් කර ඇති බව ද තැපැල්පතිවරයා පැවසී ය.