by Staff writer 12-06-2018 | 10:24 PM
COLOMBO (News 1st) - විධායක ශ්‍රේණියේ, රාජ්‍ය නිලධාරීන් සඳහා වසර 05 කට වරක් වාහන ආනයනය සඳහා තීරුබදු සහන ලබාදීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, පසුගිය 09 වන දා සිට බලපැවත්වෙන පරිදි එම බදු සහනය ලබාදීමේ චක්‍රලේඛය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති බවයි.
මේ යටතේ, රුපියල් මිලියන 3.6 ක් දක්වා තීරුබදු සහන හිමිවනු ඇති.