රාජකීයයන් ජනපති කුසලාන රග්බි තරගාවලියට නැහැ

රාජකීය විද්‍යාලය ජනාධිපති කුසලාන රග්බි තරගාවලියට සහභාගී නොවීමට තීරණයක්

by Staff writer 12-06-2018 | 1:13 PM

COLOMBO (News 1st) - මෙවර අන්තර් පාසල් ලීග් රග්බි ශූරයින් වූ කොළඹ රාජකීය විද්‍යාලය මෙවර ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට සහභාගී නොවීමට තීරණය කර තිබේ.

අපරාජිතව ලීග් රග්බි කිරුළ දිනූ සාබිත් ෆෙරෝස්ගේ නායකත්වයෙන් යුත් රාජකීයන් අවසන් තරගයේදී බම්බලපිටිය සාන්ත පීතර කණ්ඩායම පරාජය කළේ, ලකුණු 32 ට 13 ක් ලෙසයි. නමුත් ලබන ඉරිදා කොළඹදී ආරම්භවන ජනාධිපති කුසලාන පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියට රාජකීය විද්‍යාලය සහභාගී නොවීමට තීරණය කර ඇත. ස්පෝර්ට්ස් ෆස්ට් කළ විමසීමකදී රාජකීය විද්‍යාලයීය රග්බි ක්‍රීඩා භාර ආචාර්යතුමා සඳහන් කළේ, තම කණ්ඩායමේ ක්‍රීඩකයින් බහුතරයක් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීම හා ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අබාධ තත්ත්වයන්ට පත්වීම මෙම තීරණය ගැනීමට හේතුව වූ බවයි. රාජකීය විද්‍යාලය මේ තරගාවලියට සහභාගී නොවීමට තීරණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය විසින් වෙස්ලි විද්‍යාලයට හා සහිරා විද්‍යාලයට මෙම ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය සඳහා ඇරයුම් කර ඇත.