වරප්‍රසාද ඉල්ලන විධායක නිලධාරියා ඉල්ලන මුදල කිය ද?

පාඩු ලබන තත්ත්වයට ජාතික ගුවන් සේවය පත්කර දැන් වරප්‍රසාද ඉල්ලන විධායක නිලධාරියා ඉල්ලන මුදල කිය ද?

by Staff writer 12-06-2018 | 8:31 PM

COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ පාලනය ජාතික ගුවන් සේවයට සිය ඥාති සහෝදරයා පත්කර අවසානයේ 2015 වසර වනවිට සමාගම රුපියල් බිලියන 16.3 ක් පාඩු ලබන තත්ත්වයට පත් ව තිබේ.

2015 බලයට පැමිණි වත්මන් යහපාලන රජය බලයට පත් වූ පසුව අගමැතිවරයාගේ මිත්‍ර අජිත් ඩයස් මහතා සභාපති ධූරයටත් අගමැති උපදේශක චරිත රත්වත්තේ මහතාගේ සහෝදරයා වූ සුරේන් රත්වත්තේ මහතා ප්‍රධාන විධායක නිලධාරි ධූරයටත් පත් කළේ ය. මිතුරු පරිපාලනය තුළ සමාගම පසුගිය වසර වනවිට ලැබූ පාඩුව රුපියල් බිලියන 28.5 කි. ප්‍රධාන විධායකගේ පත්කිරීමට එවක අධ්‍යක්ෂ මණ්ඩලය එකඟනොවූ අතර මාස 6 කට පත්කර පසුව අරලියගහ මන්දිරයෙන් පැමිණි නියෝග මත ඔහුගේ සේවය ද ස්ථිර කර තිබුණි. මෙසේ සේවය ස්ථිර කෙරුණේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය රත්වත්තේ මහතා ප්‍රධාන විධායක ධූරයේ කටයුතු කිරීම අත්හිටුවන්නැයි නියෝග කළ පසුබිමකයි. දැන් සමාගමේ වංචා දූෂණ ගැන ජනාධිපති කොමිසමක් පත්කර පරීක්ෂණ ක්‍රියාත්මක වේ. මෙසේ තිබියදී ප්‍රධාන විධායක ධූරයෙන් කල්තියා විශ්‍රාම ගැනීමට සුරේන් රත්වත්තේ මහතා කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කර ඇත. මාස 6 ක වැටුප බදු ඇතුළත්ව ලබාදිය යුතු බව ඉන් ප්‍රධාන කොන්දේසියකි. වසරක කාලයක් ඕස්ට්‍රේලියාවට යාමට ඒමට වලංගු ගුවන් ටිකට් පත් ලබාගැනීම ඇතුලු පහසුකම් රැසක් මේ මගින් ඉල්ලා ඇත. දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයට ජාතික ගුවන් සේවය පත්කර දැන් වරප්‍රසාද ඉල්ලන ප්‍රධාන විධායක නිලධාරියා ඉල්ලා සිටින මුදල කොපමණ ද? ඔබේ අදහස අපට කියන්න. ඔබ සිතන මුදල NEWS (හිස්තැනක්) මුදල සඳහන් කර 7788 SMS කරන්න. නැතහොත් අපගේ Facebook පිටුවට හෝ වෙබ් අඩවියට පිවිසෙන්න. මේ පිළිබඳව විශේෂ අනාවරණයක් හෙට.