උඩපළාත ප්‍රා. සභාවේ සභාපති සහ මන්ත්‍රීවරයෙකු රෝහලට

පහරදීමක් හේතුවෙන් උඩපළාත ප්‍රා. සභාවේ සභාපති සහ මන්ත්‍රීවරයෙකු රෝහලට

by Staff writer 12-06-2018 | 4:01 PM
COLOMBO (News 1st) - පහරදීමක් හේතුවෙන් ගම්පොල, උඩ පළාත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා රෝහල් ගත වී තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකු ද රෝහල් ගතවී ඇති බව ය. දෙදෙනා අතර ගැටුමක් හටගෙන ඇති බවත් අනතුරුව පසුව ඔවුන් දෙදෙනා රෝහල් ගතවී ඇති බව ත් පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, දෙදෙනාම පොලීසියට පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ය.