by Sagarika Chathumali 11-06-2018 | 12:01 PM
දැරියක පැහැර ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ළිඳුල, තලවාකැලේ නගර සභාවේ සභාපති ඇතුළු 8 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අත් අඩංගුවට ගත් තලවාකැලේ ළිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනා අද ලබන 11 වන දා රක්ෂිත බන්ධානාගාරගත කෙරිණ.
ඒ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
තලවාකැලේ ළිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල, එම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වූ ඉෂාර අනුරුද්ධ මංචනායක යන මහත්වරුන් සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේයි.
ඒ, 2017 වර්ෂයේදී පෝර්ට්මෝර් වත්ත, ආගරපතන ප්‍රදේශයේදී පදිංචිව සිටි 5 හැවිරිදි දැරියක පැහැර ගෙන ගොස් මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ දැරියගේ මව සහ දැරිය මිලදී ගත් බව කියන යුවළ අද දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය.
එම දැරිය පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.