හිටපු ඇමති දයාසිරි CID ය හමුවට

බැඳුම්කර ගනුදෙනු ගැන CID ය හිටපු ඇමති දයාසිරිගෙන් ප්‍රශ්න කරයි

by Staff writer 11-06-2018 | 12:58 PM

COLOMBO (News 1st) :අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් අද පැය 5 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඒ, බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධිත සමාගමකින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙනි. අද පෙරවරු 10.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගියේ පස්වරු 3.30 ට පමණ ය. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ, වෝල්ට් ඇන් රෝ සමාගමෙන් ලබාගත් බව කියන රුපියල් මිලියනයක් ලබාගැනීම සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රකාශයක් ලබා ගත් බවයි. යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැඳවීමක් නොකළ බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.