by Staff writer 11-06-2018 | 4:30 PM
COLOMBO (News 1st) - මිහින් ලංකා ගුවන් සේවයේ ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ඇත්තේ, රජයේ අනුමැතියකින් තොරව බව අනාවරණවී තිබේ.
ඒ, ශ්‍රීලංකන් ගුවන් සේවය, මිහින් ලංකා සහ ශ්‍රී ලංකා කේටරින් ආයතනවල සිදු වූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගයේදීයි.
කොමිසම අද රැස්වූයේ 4 වන දිනටයි.
එහිදී අනාවරණවී ඇත්තේ, මිහින් ලංකා ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට අදාළව රජයේ කිසිදු අනුමැතියක් හෝ බලය පැවරීමක් කර නොමැති බවයි.
කොමිසමේ සාක්ෂි විභාගය සඳහා සමාගම් රෙජිස්ටාර්වරයා ඇතුලු නිලධාරීන් කිහිපදෙනෙකු අද දිනයේත් කැඳවිය.