by Staff writer 11-06-2018 | 11:58 AM
දොඩංගොඩ, තුඩුගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න පැතිර යාම මේ වන විට පාලනය කර තිබේ.
ගින්න හටගත් ඇඟලුම් කර්මාන්ත ශාලාව මුළුමනින්ම විනාශ වී ඇති බව අප වාර්තාකරු පැවසී ය.
පෙරවරු 6 ට පමණ හටගත් ගින්න කළුතර නගර සභාවේ ගිනිනිවීමේ ඒකකයේ නිලධාරීන් සම්පූර්ණයෙන්ම ගින්න නිවා දමා ඇති අතර ඇඟලුම් කර්මාන්ත ශාලාව මුළු මනින්ම විනාශ වී තිබේ.
මේ හේතුවෙන් අසල වෙළඳසල් කිහිපයක් ද විනාශ වී තිබේ.
සිදුවූ අලාභය තවමත් තක්සේරු කර නොමැති අතර සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
https://www.facebook.com/NewsfirstSL/videos/1980112922048956/