දකුණේ රෝහල්වල තවදුරටත් උණ රෝගීන්

දකුණේ රෝහල්වල තවදුරටත් උණ රෝගීන්

by Staff writer 11-06-2018 | 7:31 AM
ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 200 ට ආසන්න සංඛ්‍යාවක් තවදුරටත් දකුණු පළාතේ රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පවසයි. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේ පළාතේ පැතිර යන රෝග ව්‍යාප්තියේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බවයි. දිවයින ප්‍රධාන රෝහල් සංඛ්‍යාවක වසංගත රෝග විද්‍යාඥයින් කළ විමර්ශනයකදී ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ විශාල ව්‍යාප්තියක් පෙන්නුම් කර නොමැති බවට වාර්තා කර ඇති ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, අනිල් ජාසිංහ මහතා පැවසී ය. මෙම රෝගී තත්ත්වය මිනිසාගෙන් මිනිසාට බෝ වන බැවින් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවට දැනුම් දෙයි.