by Staff writer 11-06-2018 | 8:47 AM
බඳවා ගැනීම් පටිපාටියට එරෙහිව අද පස්වරුවේ 4 සිට රාජකාරිවලින් ඉවත් වන බව තැපැල් සේවකයෝ පවසති.
තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ, කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ දිවයින පුරා සියලු තැපැල් සේවකයින් ඊට එක්වන බවයි.
සිය වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් බෙදීම්, තැපැල් ප්‍රවාහනය ඇතුළු සියලු කටයුතු අඩාල වනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
තැපැල් සේවකයින් ඉදිරිපත් කර ඇති ගැටලුව විසඳීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා පැවසී ය.