ගම්මැද්ද, අමෙරිකාවේ සරසවියක පර්යේෂණ වැඩසටහනකට

ගම්මැද්ද අමෙරිකාවේ අයිවි ලීග් බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලයේ උසස් පර්යේෂණ වැඩසටහනකට තෝරා ගනී

by Staff writer 11-06-2018 | 10:05 PM

COLOMBO (News 1st) - ජනතාව සමග ජනතාව වෙනුවෙන් දියත් වුණු ගම්මැද්ද මහජන ක්‍රියාන්විතය අමෙරිකාවේ අයිවි ලීග් බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලයේ උසස් පර්යේෂණ වැඩසටහනකට තෝරා ගෙන තිබේ.

ඒ, ලොව පුරා ග්‍රාමීය සංවර්ධනයේ ස්වාභාවය වෙනස් කිරීමේ සාර්ථක උදාහරණයක් ලෙස සලකා බලමිනි. මේ පිළිබඳව බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලය ලිපියක් මගින් දන්වා ඇත. බියාරි 2018 යන සමුළුව සඳහා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල ශිෂ්‍යත්වලාභි, උසස් පර්යේෂණ ආයතන නියෝජනය කරමින් උගතුන් බුද්ධිමතුන් මහාචාර්යවරුන් ශාස්ත්‍රවේදීන් ඇතුළු විද්වතුන් පිරිසක් එක්ව සිටි. සෞඛය ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍රවල විෂමතාවයන් පරිවර්තනයට ලක් කිරීම උදෙසා සමාජ ව්‍යවසායකත්වය යොවුන් ක්ෂේත්‍රයක් බවට පත් කිරීම මෙහි අරමුණයි. බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලයේ මානුෂිය කටයුතු පිළිබඳ දේශන පැවැත්වීම සඳහා සීමාසහිත කැපිටල් මහාරාජා ආයතනයේ සමුහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියල් මහතා ආරාධිත දේශකයෙක් ලෙස පසුගිය දා සහභාගි විය.