උතුරු කොරියාවේ උන් සිංගප්පූරුවේ ලූන්ග් හමුවෙයි

උතුරු කොරියාවේ උන් සිංගප්පූරුවේ ලූන්ග් හමුවෙයි

by Staff writer 11-06-2018 | 7:27 AM
  උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සේන් ලූන්ග් හමුවිය. ඒ උතුරු කොරියාව සහ අමෙරිකානු නායකයන් අතර හෙට පැවැත්වීමට නියමිත ඓතිහාසික හමුවට සහභාගී වීම සඳහා සිංගප්පූරුවට පැමිණි අවස්ථාවේදීයි. සිංගප්පූරුවට පැමිණ පැය කිහිපයකට පසුව කිම් ජොන් උන් සහ ඔහුගේ දූත පිරිස  ඉස්තානා නමැති සිංගප්පූරු ජනාධිපති මැදුරේ සංචාරයක නිරතවිය. උතුරු කොරියානු නායකයා සඳහන් කළේ, අමෙරිකානු ජනපති සමඟ පැවැත්වීමට නියමිත මෙම හමුව සාර්ථක වුවහොත් , සිංගප්පූරුවේ ප්‍රයත්න ඉතිහාසගත වනු ඇති බවයි. උතුරු කොරියානු නායකයාගේ දූත පිරිසට ඔහුගේ නැගනිය කිම් යෝ ජොන්ග් එරට ආරක්ෂක අමාත්‍යවරයා විදේශ අමාත්‍යවරයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු ද අයත් වෙති. සිංගප්පූරු විදේශ අමාත්‍යංශය සඳහන් කළේ, තම අගමැතිවරයා අද අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට ද නියමිත බවයි .