දොඩංගොඩ කර්මාන්ත ශාලාවක් අළුවෙයි

දොඩංගොඩ කර්මාන්ත ශාලාවක් අළුවෙයි

දොඩංගොඩ කර්මාන්ත ශාලාවක් අළුවෙයි

කර්තෘ Staff writer

11 Jun, 2018 | 11:58 am

දොඩංගොඩ, තුඩුගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න පැතිර යාම මේ වන විට පාලනය කර තිබේ.

ගින්න හටගත් ඇඟලුම් කර්මාන්ත ශාලාව මුළුමනින්ම විනාශ වී ඇති බව අප වාර්තාකරු පැවසී ය.

පෙරවරු 6 ට පමණ හටගත් ගින්න කළුතර නගර සභාවේ ගිනිනිවීමේ ඒකකයේ නිලධාරීන් සම්පූර්ණයෙන්ම ගින්න නිවා දමා ඇති අතර ඇඟලුම් කර්මාන්ත ශාලාව මුළු මනින්ම විනාශ වී තිබේ.

මේ හේතුවෙන් අසල වෙළඳසල් කිහිපයක් ද විනාශ වී තිබේ.

සිදුවූ අලාභය තවමත් තක්සේරු කර නොමැති අතර සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

දොඩංගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාවක් ගිනිගෙන විනාශ වෙයි

දොඩංගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාවක් ගිනිගෙන විනාශ වෙයි.. #lka #News1st #DodangodaFire

Posted by Newsfirst.lk on Sunday, June 10, 2018

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]