English
தமிழ்
කර්තෘ Staff writer
11 Jun, 2018 | 8:45 pm
ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හා කොළඹ මහාධිකරණය දුන් නියෝග ප්‍රතිශෝධනය කිරීම සඳහා අයැදුම්පත් ඉදිරිපත් කිරීමෙන් අපේක්ෂා කරනුයේ පහළ අධිකරණයක් විසින් ලබාදුන් නියෝගයක් ප්‍රතිශෝධනය කරගැනීමක් මිස ඇප ඉල්ලා සිටීමක් නොවන බැවින් එම ප්රතිශෝධන ඉල්ලුම්පත්‍ර සලකා ඇප ලබාදීමේ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එහිදී පෙන්වා දුන්නේ ය.
සැකකරුවන් වෙනුවෙන් ඇප අයැදුම්පත් ඉදිරිපත් කර ඇප ඉල්ලා සිටියහොත් ඒ පිළිබඳ සලකා බැලීමේ නීතිමය බලය අභියාචනාධිකරණයට හිමිව ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කර ඇත.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී. පද්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල නියෝග කළේ, අර්ජුන් ඇලෝෂියස් හා කසුන් පාලිසේන යන සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ ප්රතිශෝධන අයැදුම්පත සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ලබන 04 වන දා දක්වා කල් තැබීමට ය.
ප්රතිශෝධන පෙත්සම් විභාගය අතරතුරදී නීතිපති දෙපාර්තමේන්තුව බැඳුම්කර සිද්ධිය හා අර්ජුන් ඇලෝෂියස් ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් කරුණු දක්වනුයේ ජනමාධ්‍ය ඉලක්ක කර මාධ්‍යයේ පළ කිරීම සඳහා බවට අර්ජුන් ඇලෝෂියස් මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා කළ කරණු දැක්වීමට අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විවෘත අධිකරණය හමුවේදී දැඩි අප්‍රසාදය පළ කළේ ය.
ගාමිණි මාරපන මහතා වැනි ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥවරයෙකු එවැනි අදහසක් පළ කිරීම ඔහුගේ ජ්‍යේෂ්ඨත්වයට නුසුදුසු ක්‍රියාවක් බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එහිදී පෙන්වා දුනි.
12 Feb, 2019 | 09:21 PM
28 Sep, 2018 | 04:19 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS