සුදු හඳුන් තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

සුදු හඳුන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 10-06-2018 | 10:58 AM

COLOMBO (News 1st) - විදේශ රටකට යැවීම සඳහා සූදානම් කර තිබු සුදු හඳුන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පන්නල, ඇලබඩගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, තෙල් මෝලක් තුළ පොහොර උර 175 ක එය සුක්ෂම ලෙස සඟවා තිබූ බව ය. එම සුදු හඳුන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 6700 කි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 සහ 31 හැවිරිදි පන්නල පදිංචිකරුවන් වේ. ඔවුන් අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.