සිරස TV 20 වන සංවත්සරය වෙනුවෙන් ජනතා සත්කාරයක්

සිරස TV 20 වන සංවත්සරය වෙනුවෙන් ගම්මැද්දෙන් ජල ව්‍යාපෘතියක් ජනතා අයිතියට

by Staff writer 10-06-2018 | 5:02 PM

COLOMBO (News 1st) - සිරස TV 20 වැනි සංවත්සරයට සමගාමීව අද විශේෂ ගම්මැද්ද ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කෙරුණි.

ඒ, කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ ප්‍රදේශයේ පැපිලියවත්ත සූනාමි ගම්මානයේ ඉදි කළ ජල ව්‍යෘතිය ජනතා අයිතියට පත් කරමින් ය. පවුල් 300 ක් පමණ ජීවත් වන මෙම ගම්මානයේ ජනතාව කලක පටන් ජල ගැටලුවකට මුහුණදී සිටියහ. ජල සම්පාදන මණ්ඩලයෙන් දිනකට පැය භාගයක පමණ කාලයක් ජලය ලබා දුන්නත් එය මේ ජනතාවට ප්‍රමාණවත් වූයේ නැත. ගම්මැද්ද ජනතා අරමුදලින් ඉඳි වුණු මෙම ජල ව්‍යපෘතිය අද ජනතා අයිතියට පත් කෙරුනේ, පැපිලියවත්ත ගම්වැසියන්ගේ බලාපොරොත්තු සඵල කරමිනි. මෙම අවස්ථාවට සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂිකා ඒෂිනී මුදලිගේ මහත්මිය, නිව්ස්ෆස්ට් නාලිකා ප්‍රධානි සුරංග සේනානායක, නිව්ස්ෆස්‍ට් අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරී යසරත් කමල්සිරි මහතා, ගම්මැද්ද මහලේකම් කාර්යාලයේ හා නිව්ස්ෆස්ට් නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් එක් ව සිටියහ.