සබරගමුවට මධ්‍යමට තද වැසි ඇතිවිය හැකියි

සබරගමුවට මධ්‍යමට තද වැසි ඇතිවිය හැකියි

by Staff writer 10-06-2018 | 7:55 AM

COLOMBO (News 1st) - සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර් 50 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේ, දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය හෙටින් පසු ක්‍රමයෙන් අඩුවිය හැකි බව ය. ගාල්ල සිට කොළඹ , පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රීකුණාමලය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 60 - 70 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 50 ත් 60 ත් දක්වා වැඩිවිය හැකි වේ. මේ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය.