විශේෂඥ වෛද්‍යවරු පෞ. වෛද්‍ය සේවාවලින් බැහැරට

විශේෂඥ වෛද්‍යවරු පෞ. වෛද්‍ය සේවාවලින් බැහැර වීමේ තීරණයක

by Staff writer 10-06-2018 | 9:41 PM

COLOMBO (News 1st) - විශේෂඥ වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ලබන සතියේ සිට ඉවත්වීමට තීරණය කර තිබේ.

ඒ, නව දේශීය ආදායම් පනත හරහා විශේෂඥ වෛද්‍යවරුන්ට අනවශ්‍ය ආකාරයට බදු පනවා ඇති බව පවසමිනි. විශේෂඥ වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල්වල සේවාවලින් ලබන 18 වන දා සිට ඉවත්වීමට තීරණය කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කර තිබුණි. එම සංගමයේ සභාපතිවරයා උපුටා දක්වමින් මෙහි දැක්වෙන්නේ, නව දේශීය ආදායම් පනතට අනුව තම සේවා සැපයීමේදී විශාල අසාධාරණයක් සිදුව ඇති බවයි. මෙය වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොවන බැවින් රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍ය සේවාවන් ඒ ආකාරයෙන්ම සිදු කෙරෙන බව ද විශේෂඥ වෛද්‍යවරන්ගේ සංගමය පවසයි. ඒ අනුව විශේෂඥ වෛද්‍ය එකමුතුව සමග ඒකමතික ගත් තීරණයකට අනුව ලබන 18 වන දා සිට විශේෂඥ වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ඉවත්වීමට තීරණය කර ඇත.