වරෙන්තුකරුවෙකු කොල්ලුපිටියේ මහල් නිවසකින් බිමට පනී

වරෙන්තුකරුවෙකු කොල්ලුපිටියේ මහල් නිවසකින් බිමට පනී

by Staff writer 10-06-2018 | 11:20 AM

COLOMBO (News 1st) - වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු කොල්ලුපිටිය මුහන්දිරම් පාරේ මහල් නිවසකින් පැනීමෙන් තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද උදෑසන සැකකරු අත්අඩංගුවට ගැනීමට නිවසට ගිය අවස්ථාවේදී ඔහු එලෙස මහල් නිවාසයේ දෙවන මහලෙන් බිමට පැන ඇති බව ය. සැකකරුගේ එක් පාදයක අස්ථි බිදීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි. තුවාල ලැබූ සැකකරු ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.