ලබන අඟහරුවාදා සිට භූමිතෙල් මිල පහළට

ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් මිල පහළට

by Staff writer 10-06-2018 | 2:06 PM

COLOMBO (News 1st) - ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 70.00 කට ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද හම්බන්තොට ප්‍රදේශයේ පැවති මධ්‍ය හමුවකට එක්වෙමිනි. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, දිලිප් වෙදආරච්චි,
අද දවල් 11.30 ට අපේ මුදල් ඇමති මංගල සමරවීර ඇමතිතුමා රුපියල් 75 කට තෙල් ලබා දෙන්නම් කියලා ප්‍රකාශ කළා. මං ඉල්ලිමක් කළා 75 කට නෙවෙයි. 70 වකට දෙන්න කියලා. මේ අඟහරුවාදා කැබිනට් එක්ට දාලා අනුමැතිය අරගෙන අඟහරුවාද රෑ 12 වෙනකොට භූමි තෙල් රුපියල් 70 වකට සමස්ත රටේ ජනතාවට දෙන්න තීරණය කළා කියන ඒක මං කියනවා. ඒ ලැබෙන තෙල් හොරට පරිහරණ කරනවා නම් ෂේඩිවලින් ලොරි හිමියෝ බස් හිමියෝ ඒ පරිහරණය කරන වහන ඩිසල්වලට භූමි තෙල් පරිහරණය කරන වහන අත්අඩංගුවට අරගෙන වැඩි දඩ ගහන ක්‍රමයක් සකක් කරලා උසාවි දනවා. අපි ඒ නීති රිති ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ෂේඩිවලින් ලොරි බස් භූමි තෙල් ලබා දුන්නොත් ඒවා අත්අඩංගුවට අරගෙන බලපත්‍රත් අවලංගු කරන නීති රිති ගෙන්න අපි කටයුතු කරනවා.