by Staff writer 10-06-2018 | 2:24 PM
COLOMBO (News 1st) - තණමල්විල - වැල්ලවාය මාර්ගයේ නයිගල්ආර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද අලුයම ඔහු යතුරු පැදියකින් ගමන් කිරීමේදී නවතා තිබූ ලොරි රථයක ගැටී ඇති බව ය.
අනතුරින් මියගොස් ඇත්තේ තණමල්විල පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා සිරුර මොණරාගල රෝහලේ තැන්පත් තර තිබේ.