රාජගිරිය ගුවන් පාලමේ කම්පන තත්ත්වය පිළිබඳ පරීක්ෂණ

රාජගිරිය ගුවන් පාලමේ කම්පන තත්ත්වය පිළිබඳ පරීක්ෂණයක්

by Staff writer 10-06-2018 | 5:51 PM

COLOMBO (News 1st) - නව රාජගිරිය ගුවන් පාලමේ කම්පන තත්ත්වයන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යපෘති භාර ඉංජිනේරු හිමන්ත ජයලත් මහතා සඳහන් කළේ, පරීක්ෂා කිරීම් සිදු කෙරෙන ඇතැම් අවස්ථාවල මංතීරු තාවකාලිකව වසා දැමීමට සිදුවන බවයි. සිදු කරන විමර්ශන සඳහා පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාල ද එක්ව ඇත.