බිඳ වැටුණු විදුලිය සැපයුම යථා තත්ත්වයට

බිඳ වැටුණු විදුලිය සැපයුම යථා තත්ත්වයට

by Staff writer 10-06-2018 | 12:09 PM

COLOMBO (News 1st) - ප්‍රදේශ රැසක බිඳ වැටුණු විදුලිය සැපයුම අද පෙරවරුවේ යථා තත්ත්වයට පත් කළ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඊයේ රාත්‍රි 9 සිට නව ලක්ෂපාන සිට බලංගොඩ දක්වා දිවෙන කිලෝවෝට් 132 ක විදුලි රැහැනක ඇති වූ දෝෂයක් හේතුවෙන් විදුලිය සැපයුම බිඳ වැටුණි. ඒ අම්බලන්ගොඩ, ගාල්ල, මාතර, හම්බන්තොට ,බලංගොඩ, රත්නපුර,දෙනියාය සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවලටයි.