බස්නාහිර සහ ඇල්පිටියේ සංවිධානාත්මක අපරාධ ඉහළට

බස්නාහිර සහ ඇල්පිටියේ සංවිධානාත්මක අපරාධ ක්‍රියා ඉහළට - පොලීසිය

by Staff writer 10-06-2018 | 7:44 AM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ සහ ඇල්පිටිය ප්‍රදේශවල සංවිධානාත්මක අපරාධ ක්‍රියා වැඩි වශයෙන් සිදුවන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, මහනුවර ප්‍රදේශයේ ද එවැනි අපරාධ සිදුවන ස්ථාන පවතින බවට තොරතුරු ලැබී ඇති බව ය. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/06/10-06-RUWAN-GUNASEKARA-01-online-audio-converter.com_.mp3 සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළ ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැහැදිලි කළේය. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/06/10-06-RUWAN-GUNASEKARA-02-online-audio-converter.com_.mp3 මේ අතර, මහනුවර වත්තේගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු ඊයේ මිය ගියේය. පොලීසිය සඳහන් කළේ, මොවුන් දෙදෙනා මදූෂ් සහ අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයින්ගේ සහයකින් ලෙස කටයුතු කර ඇති බව ය.