දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක්..

පොලිස් විශේෂ මෙහෙයුමෙන් සැකකරුවන් 3666 ක් අත්අඩංගුවට

by Staff writer 10-06-2018 | 7:25 PM

COLOMBO (News 1st) - ඊයේ රාත්‍රි 9.00 සිට අද උදෑසන 8.00 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 998 දෙනෙකු ඇතුලු සැකකරුවන් 3666 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය අද අලුයම රාජගිරිය, මොරගස්මුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එම සෝදිසි මෙහෙයුමේදී කිසිවෙකුත් අත්අඩංගුවට පත් නොවු බවයි. පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය, සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් ස්ථාන මට්ටමින්, මෙවැනි සෝදිසි කිරීම් සිදු කරන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුන් හා සංවිධානාත්මක අපරාධකරුවන් ගැවසෙන ස්ථාන මේ දිනවල පරීක්ෂාවට ලක් කෙරන බව ඔහු ප්‍රකාශ කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර බීමත් රියැදුරන් 648 ක් විවිධ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය කරන පුද්ගලයින් 1090 ක් හෙරොයින් හා මත්පැන් සම්බන්ධයෙන් සැකකරුවන් 843 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. වෙනත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් 77 දෙනෙක් ගිනි අවි සහ ජීව අත්බෝම්බයක් සමග සැකකරුවන් 10 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.