පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට ම

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම පැවැත්වීම ගැන අවධානය

by Staff writer 10-06-2018 | 7:53 PM

COLOMBO (News 1st) - පළාත් සභා මැතිවරණය පැවති ක්‍රමයටම පැවැත්වීමට අවධනාය යොමු ඇති බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

මාධ්‍යවේදී ප්‍රශ්නය,
පළාත් සභා මැතිවරණය මේ වසර අග පවත්වන බව අගමැතිතුමායි ජනාධිපතිතුමා කියලා තියෙනවා පරණ ක්‍රමයට ද අලුත් ක්‍රමයට ද තියන්නේ ඇමතිතුමා?
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක,
අදහස් කිහිපයක් දැන් පක්ෂවලින් දිලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය ඇතුලු පක්ෂ ගණනාවක් පරණ ක්‍රමයට මැතිවරණ තියමු කියලා තමා අදහස් කරලා තියෙන්නේ.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
මාස 7 ක වැනි කාලයක් තියෙන්නේ පුළුවන් වෙයිද ඇමතිතුමා තියා ගන්න යෝජනා සම්මත කරලා?
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක,
කොහොම උනත් නියමිත දිනට ඡන්දය තියන්න වෙයි.
මෙම වසර අවසානයට පෙර පළාත් සභා ඡන්දය පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබුණි. මේ වන විටත් උතුරු මැද නැගෙනහිර හා සබරගමුව පළාත් සභාව නිල කාලය අවසන්වී මාස 7ක් පමණගත වී ඇත. එමෙන්ම උතුර මධ්‍යම හා වයඹ පළාත්වල නිල කාලය මේ වසරේ ඔක්තෝම්බර් වන විට අවසන්වීමට නියමිත වේ. ලබන වසරේ මැද භාගයේදී බස්නාහිර දකුණ හා ඌව පළාත් සභාව නිල කාලය අවසන් වනු ඇත. කෙසේ වෙතන් සමානුපාතික ක්‍රමය යටතේ හෝ කොට්ඨාස ක්‍රමය යන කුමන ක්‍රමයකින් ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ ද ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය යුතු වනු ඇති. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි,
නව මැතිවරණ ක්‍රමයට අනුව පළාත් සභ සඳහා සීමා නිර්ණය පාර්ලිමේන්තුව තුළ සම්මත විය යුතුයි. ඒ සඳහා මාසය කාලයක් පාර්ලිමේන්තුවට තිබුණා නමුත් ඔවුන් අසමත් වුණා ඒ සම්මත කරන්නට පාර්ලිමේන්තුවේ සම්මත නෙවෙනවා නම් අගමැතිවරයාගෙන් ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට නියමිතව තිබුණා. නමුත් ඒ කමිටුව පත් කිරීමට අසමත් වෙලා තියෙනවා. ඒහෙම නැත්නම් පෙර පැවති ක්‍රමයට මැතිවරණයට යනවා නම් මනාප ක්‍රමය මිශ්‍ර සමානුපාත ක්‍රමයට යනවා නම් ඒත ඊට අදාළ පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කළ යුතුව වෙනවා.
මැතිවරණ කොමසම සඳහන් කළේ, ඔහු කුමන ක්‍රමය යටතේ උවද මැතිවරණ පැවැත්වීමට නම් අවම වශයෙන් මාස දෙක හමාරක කාලයක් අවශ්‍ය බවයි. එමෙන්ම මැතිවරණයකදී අපේක්ෂයකුට හෝ දේශපාලන පක්ෂයකට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණයට අදාළ නීති කඩිනමින් පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි.
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ට්ආරච්චි, අපි රජයට අවධාරණය කරනවා. මැතිවරණයකදී අපේකෂයකුට මැතිවරණ පක්ෂයකට වියදම් කළ හැකි සීමා අදාළ නීති කෙටුම් පතක් සකස් කරන්න කියලා. මහජන නියෝජිතයින්ට විශාල චෝදනාවක් එල්ල වෙලා තියෙනවා ව්‍යාපාරිකයින්ගෙන් ජනතාවගේ මුදල් කොල්ලකන ව්‍යාපාරිකයින්ගෙන් මහජන නියෝජිතයින් මුදල් ලබා ගත් බව. මේ ආකාරයට මුදල් වියදම් කිරීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය විකුර්ති කිරීමක් මේ සඳහා දැනටමක් ෆැපරල් සංවිධානයත් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයත් එක්ව අපි කේටුම් පතක් සකස් කරලා තියෙනවා එය අපි ජනාධිපතිතුමාටත් පළාත් සභා ඇමතිවරයාටත් පෞද්ගලිකව ලබා දුන්නා මේ පනත සම්මත වුණා නම් සම්මත වෙලා තිබුණා නම් මේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ආරක්ෂා වෙනවා.