ජෝර්ජ් ක්ලූනි යාවජීව සම්මානයෙන් පිදුම් ලබයි

ජෝර්ජ් ක්ලූනි යාවජීව සම්මානයෙන් පිදුම් ලබයි

by Staff writer 10-06-2018 | 4:28 PM

COLOMBO (News 1st) - සුපිරි හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි, අමෙරිකානු චිත්‍රපට ආයතනය මගින් ජීවිතකාලය සඳහා එක්වරක් පමණක් පිදෙන සම්මානයෙන් පිදුම් ලැබීය.

හොලිවුඩ් තොරතුරු සඳහන් කළේ, ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවති එම උත්සවයේදී ජෝර්ජ් ක්ලූනි පිළිබඳ අදහස් දක්වමින් ඔහුගේ බිරිඳ වන මානව හිමිකම් නීතිඥ අමාල් ක්ලූනි කළ කතාව, ඔහුගේ නෙත් කඳුළින් තෙත් කිරීමට සමත් වූ බවයි. ජෝර්ජ් ක්ලූනි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්ම‍යෙකු බවත්, ආදරණීය සැමියකු සහ පි‍යෙකු බවත් ඔහු අත්පත් කරගත් සාර්ථකත්වය පිළිබඳ තමා ආඩම්බරයට පත්වන බවත් අමාල් ක්ලූනි මෙහිදී සඳහන් කළා ය.