by Sagarika Chathumali 10-06-2018 | 5:40 PM
ධාවනය වෙමින් තිබූ ජපන් අධිවේගී දුම්රියක් තුළදී සිදු වූ පිහි ඇණුමකින් මගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පිහිඇණුමෙන් තුවාල ලැබූ තවත් කාන්තා මගීන් දෙදෙනෙකු ද රෝහල්ගත කර ඇති බවයි.
ටෝකියෝ සිට ඔසාකා දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියකදී මෙම අපරාධය සිදුව ඇති අතර Odawara දුම්රිය ස්ථානයේදී ජපන් පොලීසිය විසින් ඝාතන සැකකරු සිය භාරයට ගෙන තිබේ.
22 වන වියේ පසු වන සැකකරු මෙම අපරාධය සිදුකිරීමට හේතු වූ කරුණු මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය වන අවස්ථාවේ එහි මගීන් 800 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.
කෙසේ වෙතත් ජපානයෙන් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන්නේ කලාතුරකිනි.
2015 වසරේදී අධිවේගි දුම්රියක් තුළදී පුද්ගයෙකු සිරුරට ගිනි තබා ගෙන දිවි නසා ගත් අතර ගින්න සහ දුම පැතිරී යමෙන් තවත් දුම්රිය මගියෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 20 දෙනෙක් තුවාල ලැබූහ.