උතුරු කොරියානු නායකයා සිංගප්පූරුවට ළඟාවෙයි

ඓතිහාසික හමුවට උතුරු කොරියානු නායකයා සිංගප්පූරුවට ළඟාවෙයි

by Staff writer 10-06-2018 | 2:18 PM

(News 1st) - අමෙරිකානු ජනාධිපතිවරයා සමඟ ඓතිහාසික හමුවට සහභාගී වීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිංගප්පූරුවට ළඟා විය.

එයාර් චයිනා ගුවන් සේවයට අයත් යානයකින් ඔහු අද දහවල් චැන්ගී ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බැස්සේය. පෙරවරු 8.30 ට පමණ පියෝයැන්ග් නුවරින් ඔහු ගුවන්ගත වී තිබේ. කිම් ජොන් උන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඓතිහාසික හමුව ලබන අඟහරුවාදා සිංගප්පූරුවේ සෙන්තෝසා දිවයිනේදී පැවැත්වේ. ඊට සහභාගී වීම සඳහා අමරිකානු ජනාධිපතිවරයා අද අලුයම සිංගප්පූරුව බලා ගමන් ආරම්භ කළේ ජී 7 රාජ්‍ය නායක සමුළුව අවසන් වීමට පෙරාතුවයි. කෙසේ වෙතත් දෙරටේ රාජ්‍ය නායකයින්ගේ පැමිණීම හේතුවෙන් සිංගප්පූරුව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබේ. ඔවුන් හෙට සිට, සිය ගුවන් අවකාශයට ද සීමා පැනවීමට නියමිත ය.