අමාශා ද සිල්වා රිදී පදක්කමක් දිනා ගනී

by Staff writer 10-06-2018 | 11:51 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ අමාශා ද සිල්වා ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 200 බාලිකා ධාවන තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ජපානයේ ගිෆුහීදී පැවැත්වේ. එහි මීටර් 200 බාලිකා ධාවන තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අමාශා ද සිල්වා එම ඉසව්වේ රිදී පද්කකම දිනා ගත්තේ මෙම ඉසව්වේ සිය පුද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කරමිනි. ඇය තරගය අවසන් කළේ, තත්පර 24 යි දශම 4 යි 7 ක දක්ෂතාවක් දක්වමිනි. දින 3 ක් පුරා පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද නිමාවට පත්වීමට නියමිත අතර මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 2 ක් , රිදී පදක්කම් 4 ක් හා එක් ලෝකඩ පදක්කමක් සමගින් පදක්කම් 7 ක් හිමිකරගෙන සිටිනවා.