බස්නාහිර සහ ඇල්පිටියේ සංවිධානාත්මක අපරාධ ක්‍රියා ඉහළට – පොලීසිය

බස්නාහිර සහ ඇල්පිටියේ සංවිධානාත්මක අපරාධ ක්‍රියා ඉහළට – පොලීසිය

බස්නාහිර සහ ඇල්පිටියේ සංවිධානාත්මක අපරාධ ක්‍රියා ඉහළට – පොලීසිය

කර්තෘ Staff writer

10 Jun, 2018 | 7:44 am

COLOMBO (News 1st) – බස්නාහිර පළාතේ සහ ඇල්පිටිය ප්‍රදේශවල සංවිධානාත්මක අපරාධ ක්‍රියා වැඩි වශයෙන් සිදුවන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, මහනුවර ප්‍රදේශයේ ද එවැනි අපරාධ සිදුවන ස්ථාන පවතින බවට තොරතුරු ලැබී ඇති බව ය.


සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළ ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැහැදිලි කළේය.

මේ අතර, මහනුවර වත්තේගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු ඊයේ මිය ගියේය.

පොලීසිය සඳහන් කළේ, මොවුන් දෙදෙනා මදූෂ් සහ අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයින්ගේ සහයකින් ලෙස කටයුතු කර ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]