සයිටම් හිටපු ප්‍රධාන විධායක නිලධාරියා රිමාන්ඩ්

සයිටම් හිටපු ප්‍රධාන විධායක නිලධාරියා රිමාන්ඩ්

by Staff writer 09-06-2018 | 9:15 PM
COLOMBO (News 1st) - සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ය. පසුගිය වසරේ ඔහු ගමන් කළ මෝටර් රථයට සයිටම් ආයතනය ආසන්නයේ වෙඩි ප්‍රහාරයක් එල්ල විය. වෛද්‍ය සමීර සේනාරත්න මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ය. අත්අඩංගුවට ගත් සමීර සේනාරත්න මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.