by Staff writer 09-06-2018 | 8:58 AM
COLOMBO (News 1st) - කුරුණෑගල ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළඟකින් නිවාස 20කට හානි සිදුව තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, අද අලුයම මෙම සුළං තත්ත්වය වාර්තා වන බව ය.
විපතට පත් වූවන්ට සහන සැලසීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ද ඔහු පැවසුවේ ය.
මේ අතර කුකුළේ ගඟ ජලාශ්‍රයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘතව පවතියි.
මේ හේතුවෙන් බුලත්සිංහල පරගොඩ මාර්ගය ජලයෙන් යට වී ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරු මංජුල සම්පත් සඳහන් කළේ ය.
මේ අතර දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල පවතින සුළං වේගයේ ඉහළ යාම ඉදිරි දින කිහිපයේත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අද දිනයේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව ය.
ගාල්ල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වැඩි විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.