ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි

කිලෝවොට් 132ක විදුලි රැහැනක ඇති වූ දෝෂයක් හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි

by Staff writer 09-06-2018 | 10:08 PM
COLOMBO (News 1st) - අම්බලන්ගොඩ, ගාල්ල, මාතර, හම්බන්තොට, බලංගොඩ, රත්නපුර, දෙණියාය සහ ඇඹිලිපිටිය ප්‍රදේශවලට විදුලි සැපයුම ඇණහිට තිබේ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, නව ලක්ෂපාන සිට බලංගොඩ දක්වා දිවෙන කිලෝවොට් 132ක විදුලි රැහැනක ඇති වූ දෝෂයක් හේතුවෙන් එම බිඳ වැටීම සිදුව ඇති බව ය. විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා කණ්ඩායම් පිටත් කර හැරි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.