ෆ්ලයි ඩුබායි මත්තල ගුවන් ගමන් අත්හිටුවයි

ෆ්ලයි ඩුබායි මත්තල ගුවන් ගමන් අත්හිටුවයි

by Staff writer 08-06-2018 | 2:10 PM

COLOMBO (News 1st) - ෆ්ලයි ඩුබායි ගුවන් සේවය, මත්තල දක්වා පැමිණෙන සිය ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ, මාර්තු සිට ඔක්තෝබර් අතර කාලසීමාවේදී මත්තල දක්වා පියාසර කරන ගුවන් ගමන් නතර කිරීමට අවසර ලබා දෙන්නැයි අදාළ ගුවන් සමාගම රජයෙන් ඉල්ලීමක් කළ බව ය. ගුවන් වාර පැවැත්වෙන දිනකදී මත්තල දක්වා එම ගුවන් සේවය භාවිත කරන මගීන් සංඛ්‍යාව 13 ත් 15 ත් අතර සංඛ්‍යාවකි. මේ හේතුවෙන් තම සමාගමට පාඩු සිදුවන බව පවසමින් ෆ්ලයි ඩුබායි ගුවන් සේවය අදාළ ඉල්ලීම කර තිබුණි. ෆ්ලයි ඩුබායි ගුවන් යානාවල අවස්ථා 26 කදී පමණ කුරුල්ලන් වැදීමේ සිද්ධීන් ද වාර්තා වීම මීට තවත් හේතුවක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.