මොහොමඩ් ඉස්මයිල් මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

මොහොමඩ් ඉස්මයිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

by Staff writer 08-06-2018 | 11:36 AM

COLOMBO (News 1st) - මොහොමඩ් ඉස්මයිල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

ඒ, කතානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේදී ය. සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ මොහොමඩ් හනීෆා මොහොමඩ් නවවි මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා විසින් මොහොමඩ් ඉස්මයිල් මහතා යෝජනා කරනු ලැබිණි. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වුණේ පෙරේදා රාත්‍රියේදී ය.