බේරුවලින් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්

බේරුවලින් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්

by Staff writer 08-06-2018 | 10:08 AM

COLOMBO (News 1st) - බේරුවලින් මුහුදු ගිය යාත්‍රාවක සිටි ධීවරයෙකු අතුරුදන්ව තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, මුහුදු ගොස් ගොඩබිමට පැමිණෙමින් සිටියදී බෝට්ටුව විශාල රළ පහරකට හසුවීමෙන් පසු එහි සිටි ධීවරයා මුහුදට වැටී ඇති බව ය. එලෙස අතුරුදන්ව ඇත්තේ බේරුවල පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. නාවික හමුදාවේ සහයෙන් ඔහු සෙවිමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය.