by Staff writer 08-06-2018 | 8:33 PM
COLOMBO (News 1st) - නකල්ස් රක්ෂිතය ඉඩම් අයෝජකයින්ට ලබා දීමේ සූදානමක් ඇති බවට පරිසර සංවිධාන දිගින් දිගටම චෝදනා කළේ ය.
එම චෝදනාවන්ට පිළිතුරු දෙමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ, නකල්ස් රක්ෂිතයේ කිසිදු ආයෝජන යෝජනාවක් අනුමත කර නොමැති බව ය.
ඒ පිළිබඳව සොයා බැලීම සඳහා නිව්ස්ෆස්ට් කණ්ඩායමක් අද නකල්ස් රක්ෂිත ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9ක් ආවරණය වන පරිදි පිහිට දුම්බර මිටියාවතේ පිහිටි ඇල්කඩුව රජයේ වැවිලි සමාගමට අයත් රත්වත්ත වතුයායේ දැනටත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.
මෙහි අක්කර 4 ක පමණ භූමියක පිහිටි පාෂාණ කඩා ඉවත් කිරීමට පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට අවසර ලබා දී තිබේ.
2010 වසරේදී මෙම නකල්ස් රක්ෂිත ප්‍රදේශය ලෝක පරිසර උරුමයක් ලෙස නම් කර තිබෙන අතර පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ, රක්ෂිතයේ ඉඩම් විවිධ ව්‍යාපෘති සඳහා යොදා ගැනීමේ සූදානමක් පවතින බව ය.
නකල්ස් රක්ෂිතය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා එවක පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සුවිශේෂී කාර්ය භාරයක් කළේ, ෆයිසර් මුස්තෆා මහතා ය.
ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මාධ්‍ය ඉදිරියට පැමිණ අභියෝග කළේ මේ ප්‍රදේශයේ කිසිදු ව්‍යාපෘතියක් සිදු නොවන බව ය.
වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී පිළිතුරු නොදී පිටව ගිය අමාත්‍යවරයාට අප දැන් අභියෝග කරන්නේ ඇල්කඩුව වතුයායේ සිදු කරන ව්‍යාපෘතියට අවසර ලැබුණේ කෙසේ ද යන්න යි.
මේ අයුරින්ම මධ්‍යම අධිවේගී මාර්ග වංචාව ගැන ප්‍රශ්න කරද්දී කිරිඇල්ල අමාත්‍යවරයා මාධ්‍ය මගහැර පළා ගිය අයුරු ඔබට මතක ද?