දිස්ත්‍රික්ක 4කට නාය යාමේ අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික්ක 4කට නාය යාමේ අනතුරු ඇඟවීමක්

by Staff writer 08-06-2018 | 7:53 AM

COLOMBO (News 1st) - පවතින වැසි සහිත කාලගුණයත් සමඟ මහනුවර, රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, අද පස්වරු 6 දක්වා එම අනතුරු ඇඟවීමේ නිවේදන ක්‍රියාත්මක බව ය. මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද පැයට කිලෝමීටර 60 ත් 70 ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.