ට්‍රම්ප්ගෙන් ඉඟියක්

කොරියානු යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් ගැන ට්‍රම්ප්ගෙන් ඉඟියක්

by Staff writer 08-06-2018 | 8:22 AM

(News 1st) - උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සහ තමන් අතර සිංගප්පූරුවේදී පැවැත්වෙන හමුවේදී කොරියානු යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට අත්සන් තැබීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ලබන 12 වනදා පැවැත්වෙන එම හමුව යම් දිනෙක උතුරු කොරියාව සමග සබඳතා සාමාන්‍ය අතට පත් කිරීමට හේතු විය හැකි බව ද ජනපති ට්‍රම්ප් කියා සිටියේය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම අදහස් පල කළේ, ජපාන අගමැති ශිංසෝ අබේ සමඟ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි. ජනපති ට්‍රම්ප් එහිදී වැඩි දුරට ත් කියා සිටියේ උතුරු කොරියානු නායකයා හා තමන් අතර පැවැත්වෙන පළමු හමුවේදී ගිවිසුමකට අත්සන් තැබීමට ද අපේක්ෂා කරන බව ය.