ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

by Staff writer 07-06-2018 | 6:07 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ.

ඒ, ජනාධිපති නිල නිවසේදීයි. මෙය නව නිලධාරී මණ්ඩලය පත් කිරීමෙන් පසු පැවැත්වෙන පළමු මධ්‍යම කාරක සභා රැස්වීම වනු ඇත. පක්ෂ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව නිව්ස්ෆස්ට් කළ විමසීමකදී අමාත්‍ය එස්. බී. දිසානායක මහතා සඳහන් කළේ ය.