ශ්‍රීලංකන් ප්‍රධාන විධායක නිලධාරීයා ඉල්ලා අස්වෙයි

ශ්‍රීලංකන් ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි

by Staff writer 07-06-2018 | 10:55 PM

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ, ඔහුගේ ඉල්ලා අස්වීම ගුවන් සේවයේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතාට භාර දී ඇති බවයි. ඒ අනුව සුරේන් රත්වත්තේ මහතා නියමිත සේවා කාලය සම්පූර්ණ වීමට පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවට වන නිවේදනය සභාපතිවරයා විසින් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය වෙත ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.