මහරගම නගර සභාවේ තව ත් අවුලක්

by Staff writer 07-06-2018 | 12:33 PM

COLOMBO (News 1st) - මහරගම නගර සභාවට තරග කළ ස්වාධීන කණ්ඩායමෙන් තේරිපත් වූ මන්ත්‍රීවරුන් ඉවත්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූර සඳහා කාන්ති කොඩිකාර ඇතුලු නව මන්ත්‍රීවරු 06 දෙනෙකු පත්කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ඇතුලු පිරිසක් සභාව වර්ජනය කර තිබේ.

ඔවුන් පැවසූවේ, මෙය නීති විරෝධී ක්‍රියාවක් බවයි. මේ අතර කාන්ති කොඩිකාර ඇතුලු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු අද හිටපු ජානධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඔවුන් පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා භාර දුන්නද එම නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප විණි. ඇතිව තිබෙන ගැටලුව පිළිබඳව අලුතින් පත් වූ නාගරික මන්ත්‍රි කාන්ති කොඩිකාර මහත්මියගෙන් ද නිව්ස්ෆස්ට් විමසීමක් කළා ය. පළාත් පාලන මැතිවරණ පනතට අනුව මෙවැනි පත්වීමක් කළ හැකිදැයි මැතිවරණ කොමිසමේ නීති අධ්‍යක්ෂ නිමල් පුංචි හේවා මහතාගෙන් ද නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය.