කෝප් කමිටුවට හා රාජ්‍ය ගිණුම් කාරක සභාවට සභාපතිවරුන් පත් කිරීම අද

by Staff writer 07-06-2018 | 7:30 AM

COLOMBO (News 1st) - පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවට සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවට අද නව සභාපතිවරුන් පත් කර ගැනීමට නියමිතව තිබේ.

එම කාරක සභා අහෝසි වූයේ, පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අවසන් වීමත් සමගනි. කෝප් කමිටුවේ සභාපති ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට හිමිව තිබූ අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කටයුතු කළේ ය.