කුකුළේ ගඟ වාන් දොරටුවක් විවෘත කෙරේ

කුකුළේ ගඟ වාන් දොරටුවක් විවෘත කෙරේ

by Staff writer 07-06-2018 | 7:21 AM

COLOMBO (News 1st) - කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් ඊයේ රාත්‍රියේ විවෘත කර තිබේ.

කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා සඳහන් කළේ, ඉන් තත්පරයට ඝනමීටර් 45 ක් මුදා හැරෙන බවයි. කලවාන ප්‍රදේශයට දැඩි වැසි ඇද හැලීම හේතුවෙන් වාන් දොරටුව විවෘත කළ බව ද ඔහු පැවසුවේ ය. මේ අතර අද දිනයේ සබරගමුව මධ්‍යම ඇතුලු ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.