හස්ත කර්මාන්ත ශිල්පීන්ට රක්ෂණාවරණයක්

හස්ත කර්මාන්ත ශිල්පීන්ට රක්ෂණාවරණයක්

by Staff writer 06-06-2018 | 3:57 PM

COLOMBO (News 1st) - දේශීය හස්ත කර්මාන්ත ශිල්පියා ආරක්ෂා කර ගැනීම සඳහා රක්ෂණාවරණයක් ලබාදීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මෙම රක්ෂණාවරණය ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින සියලුම දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ට ලබා දෙනු ඇත. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ හස්ත කර්මාන්ත ශිල්පීන් උදෙසා ලබා දෙන ප්‍රථම රක්ෂණාවරණයයි.