අද පාර්ලිමේන්තුව උණුසුම් කළ ජාත්‍යන්තර රතු නිවේදනය

"රතු නිවේදනයකින් අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්විය නොහැකියි" - අගමැති

by Staff writer 06-06-2018 | 7:38 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට අග්‍රාමාත්‍යවරයා අද පිළිතුරුදී ඇත.

ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර තිබියදීත් ඇතැම් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා එහිදී අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළේ ය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම, අනුර කුමාර දිසානායක,
ජාලිය වික්‍රමසුරිය, උදයංග වීරතුංග, අර්ජුන් මහේන්ද්‍ර ඔවුන් තිදෙනා මේරට අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට සඳහා ආණ්ඩුව විසින් ගෙන ඇති පියවර කවරේ ද? එහි වගකීම ආණ්ඩුවක් ලෙස භාර ගනු ලබන්නේ ද?
අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ,
2008 වසරේ සිට 2014 දක්වා අමෙරිකානු එක්සත් ජනපදයේ තනාපති ලෙස කටයුතු කළ ජාලිය වික්‍රමසුරිය මහාතා වරෙන්තු නිකුත් කර ඇති අතර මේ දක්වා අධිකරණයට ඉදිරිපත්වී නෑ. විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ඇපකරුවන් ද සැකකාරිය සමග විදේශගත ව ඇති බවයි. පෙබරවාරි 12 වන දින උදයංග විරතුංගට අදාළව ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. උදයංග වීරතුංග ශ්‍රී ලංකාව වෙත උදර්පණය කිරීම සඳහා ඉල්ලීමක් 2018 මැයි 17 වන දින ආරක්ෂක ලේකම් විසින් විදේශ කටයුතු අමාත්‍යංශය හරහා එක්සත් අරාබි එමිර් රාජයේ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙතින් ඉල්ලා තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් මහාතා සිටින ස්ථානය සොයා මෙරටට ගෙන්වා ගැනීම‍ට අවශය පියවර ගැනීම සඳහා ජාත්‍යන්තර සහාය පතා ඇති අතර පොලිස් රතු නිවේදනය මත පදනමට තැනැත්තකු අත්අඩංගුවට නොගන්නා බැවින් උදර්පණ නීතිය යටතේ ඔහු මෙරටට උදර්පණය කිරීම සඳහා නියමිත ක්‍රමවේදයක් අනුව ඉල්ලිමක් කරන ලෙසට සිංගප්පුරු රජය දන්වා තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අර්ජුන් මහේද්‍රන් මහතා මෙරටට උදර්පණය කර ගැනීමට උදර්පණ නීතියට අනුව මෙරටට බලධරියා වන ආරක්ෂක ලේකම් වෙත ඉල්ලිමක් කර ඇති බව වර්තාවී තිබෙනවා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම, අනුර කුමාර දිසානායක,
අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පුරුවට ගියාට පසු මම මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවම ඔබතුමා පිළිතුරක් දුන්නා ඔහු විවහා උත්සවයක් සඳහා සභාගි වුනේ ඉතා ඉක්මනින් ඔහු මෙරටට ළඟා වන බව පහදලා දුන්නා‍. මට දැනුනා ඔහු විවහා උත්සව සඳහා යන ගමන් පවා ඔබතුමා දන්නවා නම් පෙන්නුම් කරනවා ඔබතුමා සමීප සබඳතාවක් තිබුණ බව. ඔබතුමා රටේ අග්‍රමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේන් ඔබතුමාගේ නිර්දේශ මත තමයි මහ බැංකු අධිපතිවරයා පත් කරන්නේ. ඒ නිසා මම හිතනවා ජාත්‍යන්තර වරේන්තු. රතු නිවේදන. ජාත්‍යන්තර පොලිස් සහාය උදර්පණ නීති. එවායේ සැඟ වෙන්නෙ නැතුව ඔබතුමාට මූලික වගකීමක් තියෙනවා. ඔහු මෙරටට කැඳවලා දෙන්න. මොකද ඔබතුමාගේ මිත්‍රයෙක්
අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ,
අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමා මගේ යටතේ වැඩ කරන අවස්ථාවේදී එතුමා රට යනකොට මට දැනුම් දුන්නා රට යන අවස්ථාවේ මේ ගැන ප්‍රශ්නයක් තිබුණ නිසා කිව්වා. මම යන්නේ විවහා මංගල ගෙදරට ඊට පස්සේ එනවා කියලා දැන් ඉන්න මහා බැංකු අධිපතිතුමත් රට යනකොට මට කියනවා. ඇත්ත වශයෙන් කාලයක් තිස්සේ අපි කොමිසන්වලට යනකොට අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමත් එක්ක මට සම්බන්ධයක් තිබුනේ නෑ. එතුමා අන්තිමට ගිහින් තියෙන්නෙත් මම දැනුවත් ව හිටියේ නෑ. විටින් විට එතුමා කොහෙද ඉන්නෙ කියලා. සිංගප්පුරුවේ මම දන්නවා. මම දන්නවා එකක් එතුමා විටින් විට. එතුමා මීට ඉස්සලත් ඔය නිවාස මාරු කර කර හිටියේ හොඳ එකක් හම්බු වෙනකම්. මම දන්නවා සිංගප්පුරුවේ සිරිතක්. මම දන්නේ නෑ ඉතින් ඒ එක්කෙනෙක් ගැනවත් උදයන්ග වීරතුංග කොහොමත් මට දැනුමක් නෑ. ජාලියව නම් මම හම්බ වෙලා තියෙනවා ඒත් ඊට පස්සේ මම සම්බන්ධකම් තියා ගෙන නෑ. ඒ වැඩ කටයුතු කරන එකත් මෙකත්. මම ආණ්ඩුවේ අදාළ අංශවලින් ලබා‍ගෙන තියෙන්නෙ. ඕක සම්බන්දේ තිබුන නම් කියනවා. මමයි උදවු කරන්නෙ කියලා