කෙසෙල්වත්තේ දිනුකගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට

පාතාල කල්ලි නායක කෙසෙල්වත්තේ දිනුකගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට

by Staff writer 06-06-2018 | 7:35 AM
COLOMBO (News 1st) - පාතාල කල්ලි නායකයෙකු වන දැනට විදේශගතව සිටින කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කෙසෙල්වත්ත ගුණසිංහපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 35 හැවිරිදි නානයක්කාර වේරගොඩ විදානගේ අසංක සංජීව නමැත්තෙකි. ඔහු කොළඹ 12 සෝනඩ්ර්ස් පෙදෙසේ පදිංචිකරුවෙකි. සැකකරු කෙසෙල්වත්තේ දිනුක නමැත්තාගේ උපදෙස් මත මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන අතර ඔහු ළඟ තිබී හෙරොයින් තොගයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.