ජල සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හරී..

ජල සම්පාදන සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හරී

by Staff writer 06-06-2018 | 7:38 PM

COLOMBO (News 1st) - දින 09 ක් පුරා ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කළ බව ජල සම්පාදන ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඒ, අද පස්වරුවේ විෂයභාර අමාත්‍ය රාවුෆ් හකීම් මහතා සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ය. වෘත්තීය සමිති ප්‍රකාශ කරන 25% ක වැටුප් වැඩිවීම ලබාදීමට රජය එකඟවුවා ද? ඒ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති අලහුඩින් අන්සාර් මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි.